Home Local අනියම් පෙමින් උපන් දරුවා මරා දැමූ මව සියල්ල වමාරයි

අනියම් පෙමින් උපන් දරුවා මරා දැමූ මව සියල්ල වමාරයි

by Maduka

පසුගියදා ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස තිබී හමු වු බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.

එම මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ බිළිඳිය උපන් විගස වයරකින් ගෙල සිර කර මෙම ඝාතනය කර ඇති බවයි.

ඉකුත් 10 වැනිදා එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයකින් දුර්ගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව විසින් පරීක්ෂා කර බැලීමේදි ත්‍රීරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක තිබී මෙම බිළිඳියගේ සිරුර හමුවී තිබුණා.

සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ එය මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවයි.

ඒ අනුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙලොව එළිය දුටු බිළිඳිය මරා දැමූ බව ඇය පවසා තිබෙනවා.

තමන් සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළිඳිය මෙලොවට බිහි වූ බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළිඳියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමඟ ආගරපතන ප්‍රදේශයට පැමිණි බවයි සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.

අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද ඊට පෙර ත්‍රිරෝද රථ රියදුරාගේ මව සිරුර දැක අසල්වාසීන්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වූ බවයි ඔවුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකාර රියදුරා අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd