Home News අම්බානිගේ මගුල් ගෙදරට ඇරයුම් ලැබුණු නාමල්

අම්බානිගේ මගුල් ගෙදරට ඇරයුම් ලැබුණු නාමල්

by Maduka

මෑත යුගයේ පැවැත්වුණු ලොව දැවැන්තම විවාහ උත්සවය වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ සහභාගී වී තිබෙනවා.

මාස හතක් පුරා පැවැත්වෙන මෙම මංගල උත්සවයට ලොව පුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් රසක් මේ සඳහා සහභාගී වීමද විශේෂත්වයක්.

මුම්බායි නගරයේ ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හි දින 3 ක කාලයක් විවාහ උත්සවය පැවැත්වෙන අතර හෙට(14) එය අවසන් වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විවාහ උත්සවය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18149 ක් පමණ) වැය කර ඇති බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd