15
පාර්ලිමේන්තුව තුළ කලහකාරී හැසිරීමක් ප්‍රකට කරමින් සමාජය තුළත් අවිචාරවත් හැසිරීමක් ප්‍රකට කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අද (29) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගත්තේය.
පොලිසිය පවසන්නේ යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගත් බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කර තිබිණි.
පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් නඩු කටයුතු සිදුකළේය.