Home Local ආරම්භ කර දින 4න් නැවතුණු සැප බස් සේවාව

ආරම්භ කර දින 4න් නැවතුණු සැප බස් සේවාව

by Maduka

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත.

මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක්ද ආරම්භ කරනු ලැබීය.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තම විරෝධතාව ඉදිරිපත් කර තිබුණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන්තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සිය සහයෝගය පළ කළේය.

ඒ අනුව සියල්ල සළකාබලා සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd