2024 ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (28) සමත් වුණා.
ඒ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.
ඉන් අනතුරුව ලකුණු 166ක ඉලක්කයක් හඹා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යාමට පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 167ක් ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් සමගින් ලකුණු 61ක් රැස් කළා.
තරගයේ වීරවරිය වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයක් ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.