ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ (30) පැවති මෙම හමුවේදී 2023 දෙසැම්බර් මස මොරිෂස් රාජ්‍යයේ පැවති හයවන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව, මාලදිවයින, මොරිෂස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව විසින් කොළඹ ආරක්ෂක පර්ෂද ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා ප්රඥප්තියට සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කොළඹ ආරක්ෂක පර්ෂදයේ ආරම්භක ලේඛන අත්සන් තැබීම සඳහායි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ.
එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමෙහිලා කොළඹ ආරක්ෂක පර්ෂදයේ වැදගත් කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආරම්භක ලේඛනවල වැදගත්කම ඉස්මතු කළේය.