Home Sport ඉන්දීය පිළ පරදා ශ්‍රී ලංකාවට විශ්ෂ්ඨ ජයක්

ඉන්දීය පිළ පරදා ශ්‍රී ලංකාවට විශ්ෂ්ඨ ජයක්

by Maduka

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරගයේ දී ලකුණු 110ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඊයේ (07) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඉන්දියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 138ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 45ක් ද අවිශ්ක ප්‍රනාන්දු ශතකය ආසන්නයේ පසුවෙද්දී ලකුණු 96ක් ලබාගනිමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 73කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කළේ වසර 27 කට පසුව වීම විශේෂත්වයක්.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd