Home World ඉරාන ජනාධිපතිවරණයේ පෙරලියක්

ඉරාන ජනාධිපතිවරණයේ පෙරලියක්

by Maduka

ඉරාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සමාජ නිදහස සහ කාන්තා අයිතීන් ලබා දිය යුතු බව ප්‍රධාන සටන් පාඨයක් කර ගත් මෂුඩ් පෙශෙෂ්කියන් පළමු වටයේදී ඡන්ද 42.5%ක් ලබා ගනිමින් මුල් තැනට පත්වී සිටී.

ඉරාන ව්‍යවස්ථාව අනුව, ජයග්‍රහනය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ඉක්මවිය යුතුය. නමුත් පෙශෙෂ්කියන් හට එම සීමාව පසු කළ නොහැකි නිසා 05 වෙනි සිකුරාදා දෙවන වටයේ ඡන්ද විමසීම පැවැත්වේ. ඡන්ද විමසීමේදී දෙවන ස්ථානයට පත්වී සිටින ශලීලිට ලැබී ඇත්තේ 38-6%ක ප්‍රතිශතයකි.

ඡන්ද විමසීමේ දෙවන වටයේදී වඩාත් උද්යෝගයෙන් කාන්තාවන් සහ තරුණයන් පෙශෙෂ්කියන් ජයග්‍රහනය කරවීමට පෙරමුණ ගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. ඉරානයේ සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 61ක් වන අතර එයින් මුල් වටයේ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ මිලියන 24.4ක ප්‍රමාණයකි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd