Home News උරුමය ඔප්පු බෙදා දීම අත්හිටුවයි

උරුමය ඔප්පු බෙදා දීම අත්හිටුවයි

by Maduka

බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන අයුරින් සිදු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

අස්වැසුම දෙවන අදියරට අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට යවන ලද චක්‍රලේඛනයේ සඳහන් කර ඇත්තේ මැතිවරණ කාල සීමාව තුළදී රජයේ ඉඩම් බෙදාදීම, රජයේ ඉඩම් හිමිකම් ඔප්පු හෝ නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්‍රදානය කිරීම්, වැවිලි කර්මාන්තය සඳහා හෝ වගා කටයුතු සඳහා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය, මුදල් හා විවිධ සහනාධාර, පොහොර, කෘෂි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, ස්වයං රැකියා සඳහා උපකරණ, පාපැදි, සූර්ය බල විදුලි පහන්, ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපෘති හා නිවාස ණය නිකුත් කිරීම, වන්දි මුදල් ප්‍රදානය වැනි වැඩසටහන් අත්හිටුවිය යුතු බවය.

ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් සතියේ ලිපියක් යොමු කරමින් කියා සිටියේ උරුමය ඔප්පු බෙදාදීම, අස්වැසුම සංගණන ආදී කටයුතු මැතිවරණ සමයේදීද සිදුකළ යුතු බවය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd