56
වත්මන් පාලනය මෙරට රණවිරුවන්ව විවිධ අවස්ථාවල දී ඉතාමත්ම නින්දා සහගතව පාවා දී ඇති බවත් මිලේනියම් සිටි සිදුවීම ඊට කදිම නිදසුනක් බවත් ඒ තුළින් බුද්ධි අංශයේ සාමාජිකයන් අගතියට පත් වූ බවත් දරුණුතම පසුබෑමකට ලක් වූ බවත් එවැනි ඉතිහාසයක් ඇති පුද්ගලයකුට රටේ රණවිරුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු සාධාරණත්වය අපේක්ෂා කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.