47
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කෙටුම්පතට අදාළ නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබෙනවා.
එහි රහසිගත නිගමනය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය. අම්භිකා සත්කුනනාදන් ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් අද (23) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.