48
කංජිපානි ඉම්රාන්, ලොකු පැටී, රොටුඹේ අමිල විදෙස් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
පසුගිය ජුලි මස 8 වැනිදා ක්ලබ් වසන්ත නොහොත් වසන්ත පෙරේරා ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ ද ලොකු පැටී නැමැත්තායි.
ඒ අනුව ලොකු පැටී නමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වී ඇති බව එරට ආරක්ෂක අංශ දැනුම්දී තිබෙනවා.
එමෙන්ම කංජිපානි ඉම්රාන් හා රොටුඹේ අමිල රුසියාවට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශ මෙතෙක් නිල වශයෙන් දැනුම්වත් කර නැහැ.