48
සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් ඊයේ (20) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වන, මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ටැටූ දුලාන් නැමැත්තාගේ පවුලේ ඥාතියෙක් බවයි.
ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.