ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් නමුත් ඒ බොරුව පදනම් කරගෙන ඔහු කී ලෙසට ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපෘතිය සඳහා වියදම් කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 09ක් පමණක් බවත් එම ගෙවීම් ද තවම සිදුකර නැති බවත්ය.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයේ දී සංගීත් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 02ක්, ගීතය නිර්මාණය කිරීමට ලක්ෂ 7ක්, වෙබ් අඩවිය සඳහා ලක්ෂ 21ක්, ආරම්භක උත්සවයට කැඳවාගෙන පැමිණි නිරූපිකාවන් සඳහා රුපියල් පහළොස් දහස බැගින් මුදලක් වියදම් කළ බවත් සමස්ත වියදම ලක්ෂ 70ක් බවත් චාමර සම්පත් දසනායක ඊයේ ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දෙමින් ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දි මෙසේ පැවසුවේය.
” ක්ලීන් ශ්‍රි ලංකා සමාරම්භක ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 70ක් වියදම් කළා කියලා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ සභාගර්භයේ දී කළ සත්‍ය නොවන ප්‍රකාශය සම්බන්ධයෙන් සමහර මාධ්‍යවල පලවෙලා තිබුණා.”
මම කියන්න කැමතියි ඒ ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 70ක් වියදම් කරලා නෑ. ගෙවීම් හැටියට අනුමත වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 09ක් පමණයි. ඒ ගෙවීමත් තාම සිදුකරලා නෑ. ඒක නසා ඒ නම කියපු සංගීත ශිල්පියාට හෝ ගීතය ලියන්නට හෝ වෙබ් සයිට් එක හදන්නට හෝ අර කියපු සංඛ්‍යාලේඛන සියල්ලම බොරු. සියල්ලම පදනම් විරහිතයි. ”
” සම්ප්‍රදායක් හැටියට මේකට කෝටෙෂන් කැඳවලා තිබුනා. ඒ මන්ත්‍රීවරයා වරද්දගෙන තිබුණෙ කෝටේෂන් පිළිබදව. ඒව මිල වැඩි නිසා ලබා ගත්තේ නෑ. ඒ නිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 09කට වඩා ශතයක්වත් රජයෙන් වියදම් කරලත් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ කරපු ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් කියලා මම කියන්න කැමතියි. ඒ වියදම් වාර්තාව සම්පූර්ණ බොරුවක්. මේ ව්‍යාපෘතිය සදහා ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 09කට වඩා රජය මගින් වියදම් කරලා නෑ කියන එක මම මේ සභාව හමුවේ කියනවා. ”
” ඒ නිසා මේ කරුණ පදනම් කරගෙන එතුමාට ඉල්ලා අස්වෙන්න උවමනාවකුත් නෑ. ඉල්ලා අස්වෙන්න ඕන නෑ. එතුමා ඉන්ඩ. ඒ කියපු ප්‍රකාශය බොරු. ”