62
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඊයේ (04) රාත්‍රී 9 සිට අද (04) පස්වරු 3 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදුකරනු ලබන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලටයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකර තිබෙනවා.