26
ඉන්දියාවේ, ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වන්නේ.
ගෝවේ නගරයේ කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුරදී බැතිමතුන් රැඳී සිටි පෝලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
තෙරපීමෙන් තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.