Home News ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් අපි ගෙවා අවසන් – ශෙහාන්

ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් අපි ගෙවා අවසන් – ශෙහාන්

by Maduka

මෙම වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙම වසරේ මුල් මාස 6 තුළ රජය භාණ්ඩාරගාර බිල්පත් හා බැදුම්කර බිල්පත් මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක්.

එම කාලය තුළ ගෙවා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදී මහබැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම් රජයට පැවති අතර සියයට හැත්තෑවක තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රථිපලය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් රජයේ ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම හා ගෙවීම සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd