Home Local ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට විශේෂ දිනයක්

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට විශේෂ දිනයක්

by Maduka

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් මස 8 වැනිදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කරන බවයි.

එම ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 14 වැනිදායින් අවසන් කිරීමට නියමිතයි.

එමෙන්ම රජයේ නිවාඩු දිනයක් වන 8 වැනිදා ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා සිදු කරන බව ඒ මහතා පැවසීය.

කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd