26
ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙනවා.
ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ‘කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු’ යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බවයි.