ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ඇය සහ ඇගේ සැමියා විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්.
මෙම ගුරුවරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙහි ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර ඇත්තේ.
ටීචර් අම්මා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
35