Home World ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

by Maduka

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පෙන්සිල්වේනියාහි පැවතු මැතිවරණ රැළියක් අතරතුරදී ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගා වී ඇති අතර ඔහුගේ දකුණු කනට ප්‍රහාරයෙන් තුවාල සිදුව ඇති බවයි.

කෙසේනමුත් වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් රෝහල්ගත කළ අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd