Home Newsweather තද වැසි සහ සුළං පිළිබඳ රතු නිවේදනයක්

තද වැසි සහ සුළං පිළිබඳ රතු නිවේදනයක්

by Maduka

තද වැසි සහ සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදන හෙට (31) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන අතර නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු එම මුහුඩු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd