Home Sport තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්

by Maduka

රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ.

තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන් මොහොත තෙක් සුදුසුකම් ලබා ගැනීමේ තරගවල නියැලීමට සිදුවුණි.

ඒ ජාතික මහ ක්‍රිඩා උළෙලේ ඇය සහභාගිවූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීම නිසා ඇයට හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙනි.

කෙසේවෙතත් මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂිට ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

එමෙන්ම දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසු වේ.

එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd