82
චීනය, හොංකොං සහ මැකාවෝ රාජ්‍යය වෙත ගමන් නොකරන ලෙස තායිවානය සිය පුරවැසියන්ට උපදෙස් දී තිබේ.
ඒ, තායිවානයේ ස්වාධීනත්වය සඳහා ආධාර කරන්නන්ට චීනය විනිස් ජීවිත තර්ජන එල්ල කළ බවට පැවසෙන් සිද්ධීයෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවානය මෙතෙක් එම රටවල සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කර නොමැත.
එහෙත් දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ චීන බලධාරීන් විසින් රඳවා තබා ගැනීමට හෝ නඩු පැවරීමට තුඩු දිය හැකි ක්‍රියාකාරකම්වල යෙදීමට එරෙහිව පුරවැසියන්ට උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.