49
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 07 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.
සැප්තැම්බර් 4 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දින නියම කර ඇති අතර සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර තිබෙනවා.
එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා.
මෙලෙස තැපැල් ඡන්ද භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ පිරිසට ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වනවා.