Home Sport දකුණු අප්‍රිකාවේ සිහින බොඳ කළ ඉන්දියාව 20යි 20 ලෝක ශූරයින් වෙයි..

දකුණු අප්‍රිකාවේ සිහින බොඳ කළ ඉන්දියාව 20යි 20 ලෝක ශූරයින් වෙයි..

by Maduka

ඒ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 7කින් ජය ගනිමිනි.

බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි.

රෝහිත් ශර්මා ඉන්දීය පළමු කඩුල්ල ලෙස ලකුණු 9කට දැවී ගියේ ය.

රිෂාබ් පාන්ට් ලකුණු රැස් කිරීමට පෙර දවා ගත්තේද කේෂව් මහරාජ්.

ප්‍රවේගකාරී පිතිකරු සූර්යකුමාර් යාදෙව් ලකුණු 3යි.

විරාත් කෝලි සමග එක් වූ අක්සාර් පටේල් බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගූහ.

ඒ, සිව්වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් එක් කරමිනි.

අක්සාර් පටේල් ලකුණු 47යි.

තරගාවලිය පුරා අසාර්තක පිතිකරුවෙක් වූ විරාත් කෝලි  අවසන් මහා තරගයේදී පන්දු 59කින් ලකුණු 76ක් රැස් කළේ ඉන්දීය ජයග්‍රහනයේ කොඳු නාරටිය බවට පත්වෙමින්.

කේෂව් මහරාජ් සහ අන්රියාහ් නෝකියා කඩුලු 2 බැගින් දවාගත්හ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ  ලකුණු සංඛ්‍යාව 176ක්. 

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ මුල්පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 70කදී.

නායක ඒඩ්න් මාක්‍රාම් ලකුණු 4යි

 ක්වින්ටන් ඩි කොක්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 39ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රිච් ක්ලාසන් ලකුණු 52ක් රැස් කළද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

හර්දික් පාන්ඩ්‍යා කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 169ක් පමණයි.

ඒ අනුව දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම හැකිවිය.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය නායක රෝහිත් ශර්මා සහ සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළේ ය.

මේ වන විට ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 159කට ක්‍රීඩා කර ඇති රෝහිත් ශර්මා ශතක 5ක් සහ අර්ධ ශතක 32ක් සමගින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4231ක්.

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 125කදී ඉන්දියාව නියෝජනය කළ විරාත් කෝලි ශතකයක් සහ අර්ධ ශතක 38ක් සමගින් ලකුණු 4188ක් රැස් කරගෙන සිටී.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd