ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.
ධීවරයන් 6 දෙනකු රැගත් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාව තංගල්ල වරායෙන් ධීවර කටයුතු සදහා ඉකුත් 4 වැනිදා පිටත්ව තිබුණි.
ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් තංගල්ල වරායේ සිට කිලෝමීටර් 675 ක් පමණ වූ ජාත්‍යන්තර ගැඹුරු මුහුද ගමන් කර තිබූ අතර එහිදී මුහුදේ පාවී ආ මත්පැන්වලට සමාන බෝතලයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබුණි.
එහිදී බහුදින යාත්‍රාවේ යාත්‍රා පාලක එම දියර වර්ගය පානය කිරීමෙන් අනතුරුව සුළු මොහොතකින් මියගොස් තිබූ බව නාවික හමුදාව පවසයි.