103
මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ අනුව මියගොස් ඇති ධීවරයින් ගණන 5කි.
තංගල්ල ධීවර වරායෙන් ඩෙවොන් 5 නමැති බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වනදා ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා පිටත් වී තිබුණේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.