Home Local නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද දිවයිනට

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද දිවයිනට

by Maduka

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් අද (24) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔහුගේ මෙම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd