Home World නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම අද

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම අද

by Maduka

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) රෝමයේ වතිකානුවේදී පැවැත්වීමට නියමිතයි.

අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන අතර මෙවර තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ 267 වන පාප් වහන්සේයි.

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේනමුත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd