47
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකෙරුණා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරුණු බවයි.
එමෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබූ අතර එම කාලය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඒ අනුව, 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.
මේ අතර, මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති ආචාරධර්ම අනුව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලයි.