Home Local නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරදිනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරදිනවා – ප්‍රසන්න

by Maduka

පරදින බව දැන දැන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට ඊයේ (19) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගේන්න, පොහොට්ටුව හදන්න තමා රට වටේ ගිය බවත් තමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඔහු එහිදී අවධාරණය කළා.

“2015 දී මහින්ද මහත්තයා පැරදුනාම අපේ පක්ෂයේ තනතුරුලාභීන් මහින්ද මහත්තයා අතහැරලා ගියා. ඒ වේලාවේ එකම ධූරධාරියා ලෙස මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා. එතුමා යුද්ධය අවසන් කළ නිසා යුතුකම් ඉටු කරන්න ඕනි නිසා අපි ඒ දේ කළා. අපිට හැමදාම වැරදුන තැන් තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට සියළු දෙනා එකට එකතු වී කටයුතු කළා. බලයට ආවම ඒ දේ නැති වෙනවා. මහින්ද මහත්තයා බලයට ගේන්න පොහොට්ටුව හදන්න මම රට වටේ ගිය කෙනෙක්. 2019 ජනාධිපතිවරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් මම. එතුමා තරඟ කරන්න බැහැයි කියද්දිත් පවුලේ සියළු දෙනා එකතු වෙලා කතා කරා ගෝඨාභය මහත්තයා දාමු කියලා. ඒ වෙලාවෙත් අපි ඒකට එකඟ වුණා. අපි එතුමාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන්පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා. අපි බලය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන් වුණේ අවුරුදු දෙකයි. අපේ නායකයෝ අපිව දාලා ගියා. 2019 දී ජනාධිපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති වුණේ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමති වුණේ බැසිල් රාජපක්ෂ මහතා, චමල් මහත්තයයි නාමල් මහත්තයයි දෙන්නම ඒ කැබිනට් එකේ හිටියා. මමත් හිටියා. පොහොර ප්‍රශ්නය එනකොට ඒකට අපි කතා කරනකොට අපේ මතයට ගරු කළේ නෑ. ඒ අයගේ මතයට වැඩ කළා. අපි පොහොට්ටුව නියෝජනය කරන්නේ සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය එක්කයි. අපිට ගොවීන්, ගුරුවරු, කම්කරුවෝ ටික නැති වුණා. මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා ගැටළුවක් තියෙනවා.”

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd