Home News පාසල් ළමුන් අතර HIV වැළඳීමේ ප්‍රවණතාවක්

පාසල් ළමුන් අතර HIV වැළඳීමේ ප්‍රවණතාවක්

by Maduka

පාසල් ළමුන් ආශ්‍රිතව HIV ඒඩ්ස් රෝගය වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා.

ඒ අනුව පසුගිය වසරේදී HIV රෝගය වැළඳුණු ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකි වූ බවයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සඳහන් කළේ.

එමෙන්ම පසුගිය වසරේදී ඒඩ්ස් රෝගය වැළදුණු වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 3,169 ක්.

2022 වර්ෂයේදී HIV රෝගය රෝගීන් 607 ලෙස වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම සියයට 14 ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්.

මේ අතර 15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd