Home Local පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය අනාවරණය කරනවා

පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය අනාවරණය කරනවා

by Maduka

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කරන්න තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍ දෙනා සූදානම් බවත් මේ සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත් එය පාර්ලිමේන්තුවේ පවා සභාගත කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද? මෙහි සත්‍ය හෙළි කර ගත්තාද යන ගැටලු‍ව බවත් එම නිසා මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ සිදු කර කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව සෑම විටම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු නිවසේ දී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ දීය.

මේ අවස්ථාව සඳහා කොළබ අගරදගුරු පදවියේ සහයක රදගුරු තැන්පත් අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්, අති උතුම් ජේ. ඩී ඇන්තනි හිමිපාණන් සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් හිමිපාණන් සහභාගි විය.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත් එම සත්‍ය කෙසේ හෝ සොයා බලා එයට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd