Home Events පැරීසියේ අපේ වෙසක්

පැරීසියේ අපේ වෙසක්

by Maduka

සම්බුද්ධ තෙමගුල නිමිති කොටගෙන New Six Cricket Club France සහ මිතුරු කැළ එක්ව ප්‍රථම වරට සංවිධානය කළ මහා බත් දන්සල පසුගිය මැයි 18 වැනිදා පැවැත්වුණා.

පැරිස් සමාධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය සුමංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංඝයා වහන්සේලාගේ දහවල් දානය සහ පූජක තුමන්ගේ දහවල් දානය පූජා කිරීමෙන් ඇරඹි දන්සල ගිහි පැවිදි සියලුම දෙනාගේ සහයෝගයෙන් ඉතා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

චන්ද්‍රානී කේටරින් ආයතනය විසින් මෙම දන්සල සඳහා ඉතා ප්‍රනීතව, පිරිසිදුව සහ සාධාරණ මිලකට ආහාර ලබා දී තිබූ අතර එදිනව සවස් යාමයේ ‘මුතුහර’ ළමා සමාජයේ දුවා දරුවන් සහ පැරිස් සමාධි දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කළ භක්ති ගීත ගායනය ද පැමිණසිටි සියලුම දෙනාගේ සිත් සුවපත් කිරීමට සමත් වුණා.

මේ සඳහා ඉතාම කෙටි කාලයක් තුළදී දරුවන් සම්බන්ධ කර ගනිමින්, ඉතා වෙහෙස මහන්සියෙන් තමන්ගේ කාලය කැප කරමින් මෙම වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, නිමාලි මහත්මිය, මුතුහර ළමා සමාජයේ මනෝජා මහත්මිය සහ එම දරුවන්ට සංගීතය ඉගැන්වීමට නිරෝෂා මහත්මිය මහත් දායකත්වයක් ලබාදුන්නා.

සනත් කාරියවසම් මහතා සහ එම මහත්මිය, විමල් බණ්ඩාර මහතා සහ මහත්මිය, ක්‍රිශානි මහත්මිය, සචි මහත්මිය, වානී මහත්මිය, වත්සලා මහත්මිය, හෂිනි මෙනවිය, කනිෂ්කා මහත්මිය, ලක්මාල් මහතා සහ අසංක මහතා විසින් සංඝයා වහසේලා උදෙසා දානය පිළියෙළ කර තිබුනා.

තවද දන්සලට පැමිණි සැදැහැවත් ජනතාව සඳහා අතුරුපස ලබාදීමට අසංක හදුන්නෙත්ති මහතා හා මලික් මහතා ප්‍රවාහන පහසුකම් සඳහා දායකත්වය ලබාදුන්නා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd