Home Local පෑලියගොඩට පැය 10 ක ජල කප්පාදුවක්

පෑලියගොඩට පැය 10 ක ජල කප්පාදුවක්

by Maduka

අනිද්දා (11) දිනයේදී පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය, ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම මෙන්ම වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.

ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසකට ජල සැපයුම අත්හිටුවේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd