51
නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
ඇය එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත්ය.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා.