Home Local පීල්ල මාරු කෙරූ සාරතී සහ අංගජන්

පීල්ල මාරු කෙරූ සාරතී සහ අංගජන්

by Maduka

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන අතර ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකරට එම තනතුර අහිමිවීමත් සමග සාරතී දුෂ්මන්ත පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණා.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී ඇති ඔවුන් දෙදෙනා සිය සහාය ලබාදෙන බව දැනුම් දුන්නා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd