පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසූ ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බව කියා සිටියා.