Home Politics පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් – නාමල් රාජපක්ෂ

පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් – නාමල් රාජපක්ෂ

by Maduka

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා රටේ ණය ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පොහොට්ටුවේ අපේක්ෂකයා සුදුසු වෙලාවට නම් කරන බවත් අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිපදෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd