Home News බංග්ලාදේශයේ ජාතික රූපවාහිනිය ගිනිගනී

බංග්ලාදේශයේ ජාතික රූපවාහිනිය ගිනිගනී

by Maduka

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි බංග්ලාදේශ ජාතික රූපවාහිනී පරිශ්‍රයට විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහිව දහස් සංඛ්‍යාත සිසුන් දින කිහිපයක් පුරා විරෝධතා දක්වනු ලබනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කලහකාරී ලෙස රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූ විරෝධතාකරුවන් ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් එරට ජාතික රූපවාහිනියට අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි තබා ඇති බවයි.

කෙසේනමුත් ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරා භටයන්ට ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd