මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (22) පැවති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවයි.
මේ වනවිට බෝදෙනා විදේශගත වීම සඳහා වැඩි නැඹුරුතාවක් දක්වන බවත් වැඩි වැටුප් සහිත නව රැකියා අවස්ථා බිහි කරමින් වැඩි ප්‍රමාණයක් රට තුළ රඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
එමෙන්ම ශ්‍රී ලංකාව අපනයනය මූලික කරගත් ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 21 වන සියවසේ මුල් භාගයේ හෝ මැද භාගයේ දී මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපට තාක්ෂණය අවශ්‍ය වන බවයි.