Home Local මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

by Maduka

2024 සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කරනවා.

උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, අවසර ලත් මුදල මැතිවරණ කොමිෂන් සභාව මගින් තීරණය කරනු ලබන බවත්, එම අවසර ලත් මුදල තීරණය කිරීමෙන් පසුව අපේක්ෂකයකුට වියදම් කළ හැක්කේ එම සීමාව තුළ පමණක් බවත්ය.

වියදම් නියාමනයට අවසර ලත් මුදල ගැසට් කිරීමෙන් පසු මැතිවරණ වියදම් ගණනය කිරීම් එතැන් සිට මැතිවරණයට අදාළ සියලුම වියදම් මෙයට අදාළ වන අතර එමෙන්ම මැතිවරණය අවසන් වී දින 21 තුළ අපේක්ෂකයෙකු ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර දින දහයක් ප්‍රදර්ශනය කළ යුතුයි.

යම් ලෙසකින් වියදම් වැරදි වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා ධුරය අහෝසි කිරීමටද හැකියාව පවතිනවා.

ජනමත විචාරය හැර සෑම මැතිවරණයකටම මෙම වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.

කාර්යාල පිහිටුවීමට අපේක්ෂකයන්ට හැකියාව ඇති අතර ඒ අනුව අද සිට සැප්තැම්බර් 18 මධ්‍යම රාත්‍රිය දක්වා දක්වා ගම් මට්ටමෙන් කාර්යාල පිහිටුවීමට අපේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා.

මේ අතර, ආසන මට්ටමෙන් කාර්යාල පවත්වාගෙන යෑමට අවස්ථාව ඇත්තේ සැප්තැම්බර් 18 සිට 22 දක්වායි.

අපේක්ෂකයෙකුට ලංකාවටම එක කාර්යාලයක් පවත්වාගෙන යෑමට හැකියාව ඇති අතර එය සැප්තැම්බර් 21 දක්වා භාවිත කිරීමට හැකියාව ඇත.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd