80
නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදෙස් රටවලට යොමු කිරීමේ ජාවාරමක නිරත වීමේ චෝදනාව මත පාකිස්තානයේ ලාහෝර් හිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ එරට මිනිස් ජාවාරමට එරෙහි අංශය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු සන්තකයේ තිබී පාකිස්තාන විදේශ ගමන් බලපත්‍ර 07ක්, පරිගණක ගත ජාතික හැඳුනුම්පත් 6ක් සහ විවිධ ව්‍යාජ මුද්‍රා සොයා ගෙන තිබේ.