Home News මුහුද මැද කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරයි

මුහුද මැද කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරයි

by Maduka

යාපනයේ මගී යාත්‍රාවක් තුළදී කාන්තාවක් ඊයේ (20) දරුවෙක් ප්‍රසූත කර තිබෙනවා.

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණෙමින් තිබූ මගී ගාත්‍රාවක් තුළදීයි මෙම කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ.

මෙම කාන්තාව දරු ප්‍රසූතිය සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වීමේ සඳහා සිය සැමියා සමග පැමිණ ඇති අතර ඇයට බෝට්ටුව තුළම විලි රුදාව හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටු ක්‍රියාකරු වහාම මේ පිළිබදව ඩෙල්ෆ්ට් රෝහලට දැනුම් දීමෙන් පසුව එහි සිට ගිලන් රථ බෝට්ටුවක් වෛද්‍යවරයෙකු සමග පැමිණෙන අතරවාරයේ කාන්තාව බෝට්ටුව තුළ දරුවා ප්‍රසූත කොට තිබෙනවා.

බෝට්ටුවේ සිටි වැඩිහිටි කාන්තාවන් විසින් මවට දරුවා ප්‍රසූත කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර ඉන්පසු කාන්තාව හා දරුවා යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කර තිබෙනවා.

කෙසේනමුත් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ දරුවා හා මව ඉතා සුවෙන් සිටින බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd