Home News මෙරට උද්ධමනය ඉහළට

මෙරට උද්ධමනය ඉහළට

by Maduka

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ඊයේ (22) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව 2024 මැයි මාසයේදී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී තිබෙනවා.

2024 මැයි මාසයේදී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේදී 1.9% ක් දක්වා වැඩි වී ඇති අතර 2024 මැයි මාසයේදී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේදී 2.7% ක් දක්වා වැඩි වී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd