Home Politics රනිල්ට උදවු කළේ බයකට නොවේ -බැසිල් කියයි

රනිල්ට උදවු කළේ බයකට නොවේ -බැසිල් කියයි

by Maduka

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කළේ, බයකට නොවන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව, තම පක්ෂය ජනාධිපතිවරයාට ණයක් නැති බව පැවැසූ හෙතෙම ජනාධිපතිවරයාට අද දක්වා ලබා දුන් සහයෝගය ඉදිරියටත් දක්වන බව සඳහන් කළේ ය.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවයට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“මේ උත්සවයේ මනමාලයා වන්නේ රත්තරන් හදවතක් තිබෙන රෝහිත අබේගුණවර්ධන මහතා ය. රෝහිත පැවැරූ කාර්යය ඉතා හොඳින් ඉටු කළ නායකයෙක්. රෝහිත පක්ෂය නිර්මාණය කළ දා සිට ජය සහ පරාජයන්වලදී පෙරමුණ ගෙන කටයුතු කළා. පොදු ජන පෙරමුණ ඉදිරියට ගෙන යෑමේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබෙන ශක්තිය මෙන් ම රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කරද්දී ජනපතිට අප උදවු කළේ කිසියම් බයකට නොවේ. අප ඔබට ණයක් නැහැ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd