Home News රනිල් ගිය විදෙස් සංචාර ලැයිස්තුවක් එළියට

රනිල් ගිය විදෙස් සංචාර ලැයිස්තුවක් එළියට

by Maduka

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 සිට 2024 දක්වා කාලය තුළ විදේශ සංචාර 23 ක් සඳහා රුපියල් බිලියන 1.27 ක මුළු වියදමක් දරා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 2022 දී විදේශ සංචාර 4 ක්, 2023 දී 14 ක් සහ 2024 දී තවත් විදේශ සංචාර 5 ක් සිදු කර ඇති බවයි.

එමෙන්ම 2022 දී විදේශ සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 63 දෙනෙක්, 2023 දී මුළු රාජ්‍ය නිලධාරීන් 252 ක් සහ 2024 දී සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 111 ක් සහභාගී වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේනමුත් ඉන් විදේශ සංචාර 19ක් සඳහා රුපියල් මිලියන 19.8ක් වැය වී ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් නියෝජනය කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අනාවරණය කළේය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd