Home News රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

by Maduka

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කෙරෙන බවයි.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද ඒ අනුව අහෝසි කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය ද මේ අනුව අහෝසි කිරීමට නියමිතයි.

මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 ක්, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd