Home World රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්

by Maduka

රුසියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතවයි මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ.

පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29 ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන තිබූ අතර එහි ප්‍රබලත්වය රිච්ටර් ඒකකයේ සටහන්ව තිබුණේ ඒකක 7.0 ක් ලෙසයි.

භූ කම්පනයත් සමඟ අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, පසුව එය ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් කම්චත්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී තිබෙනවා.

භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් ගණනය කර නැහැ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd